ගංජා සමග හසුවූ OIC සහ කොස්තාපල් රිමාන්ඩ්
පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මෙලෙස පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීමකදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් සොයාගැනීමට සමත්ව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

