ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලයි
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යන මධ්‍යස්ථානය විසින් පවත්වන ලද කතිකාවකට එක්වෙමිනි.
මෙම මුදල ඉන්දීය රුපියල් වලින් හෝ ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද පවසන ඔහු එහි වටිනාකම ඩොලර් බිලියනයකට ආසන්න වනු ඇති බවද පැවසීය.
මෙම මුදල ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳ කටයුතු සඳහා යොදා ගැනෙනු ඇතැයිද කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
පෙර අවස්ථාවල ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් ඩොලර් මිලියන 121ක වාරිකයක් දැනට දින දෙකකට පෙර ගෙවා දමන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජයේ පළමු ණය වාරිකය ලැබීමෙන් පසුවයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

