Latestදේශීය

ආගමික ස්ථාන සදහා සූර්යබල විදුලිය

එළඹෙන ජුලි මාසය වනවිට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සූර්ය බලයෙන් විදුලිය ලබාදීම සඳහා අවශ්‍ය මූලික අදියරේ වැඩකටයුතු ආරම්භ කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ (28) පැවති සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ලියාපදිංචි ආගමික ස්ථානවලින් ඉල්ලා සිටියේ එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවතී නම් තමා වෙත දන්වන ලෙසයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?