Latestදේශීය

අමරසිරි කලංසූරිය දිවි සැරිය නිමකරයි

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අද (01) උදෑසන ජාඇල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු ඒ වන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය.

1940 වසරේ සැප්තැම්බර් 20වනදා උපත ලද ඒ මහතා මහනුවර ධර්මාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

1969 වසරේ රැයත් දවාලත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා හන්තානේ කතාව, අක්කර පහ, අහස් ගව්ව, බඹරු ඇවිත්, සාගරයක් මැද, පොඩි විජේ, යස ඉසුරු ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.

අභවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *