දේශීය

ආනයනය කළ බිත්තර පරිභෝජනයට සුදුසුයි – උපුල් රෝහණ

ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බිත්තරවලින් සෞඛ්‍යමය ගැටලු නිර්මාණය වන බවට මෙතෙක් තහවුරු වී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ බිත්තර සාම්පල වාර්තාවලින් ඒ බව තහවුරු වී ඇති බවයි.

ආනයනය කරන ලද බිත්තර පරිභෝජනය කිරීමෙන් සෞඛ්‍යමය ගැටලු නිර්මාණය වන බවට අනාවරණ වී නොමැති බවත් ඒ සඳහා කිසිඳු සාක්ෂියක් පරීක්ෂණ මඟින් අනාවරණය නොවන බවත් එම මහතා වැඩිදුරටත් සඳහන් කර තබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *