එක්සත් ජනරජ පෙරමුණ
‘එක්සත් ජනරජ පෙරමුණ’ නමින් නව දේශපාලන පක්ෂයක් දේශපාලන පක්ෂයක් එළැඹෙන මස තුළදී පිහිටුවීමට කටයුතු කරන බව 43 සේනංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.
රට වැටී තිබෙන බංකොලොත්භාවයෙන් මුදා ගැනීම සඳහා කුසලතාවය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බවද හෙතෙම පැවසීය.
මෙරට පවුල් උරුමයෙන් සිදුකරන දේශපාලනයට තිත තැබිය යුතු බවත් සල්ලි වලට මනාප දිනාගන්න දේශපාලනය වෙනස් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.
යල් පැනගිය සමාජවාදය ධනවාදය වෙනුවට නව ප්‍රායෝගික වාදයක් මත රට ඉදිරියට ගෙන යා යුතු බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
චම්පික රණවක මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු ලෙස වන නමුත් ඔහු කලක පටන් එම පක්‍ෂය සමග දේශපාලන ගණුදෙනු අතහැර වෙනම ක‍්‍රියා කරමින් සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

