Latestදේශීය

අගමැතිකම සජිත්ට

සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් විසින් සඳහන් කර තිබේ.

සුළු ජාතික පක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත.

එහිදී සුළු ජාතික පක්‍ෂ නියෝජිතයන් සඳහන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුවට සහාය දීමට ඕනෑම අවස්ථාවක සුළු ජාතික පක්ෂ ලෙස සූදානම් බවයි.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට පෙරළා ප්‍රතිචාර දක්වා ඇත්තේ තනි තනි පුද්ගලයන් හෝ තනි තනි පක්ෂ ලෙස නොව කණ්ඩායමක් ලෙස ම සජිත් ප්‍රේමදාස මහතා ද සමග ආණ්ඩුවට සහයෝගය දීම වඩාත් සුදුසු බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරයද ලබාදීමට සූදානම් බවද රනිල් වික්‍රමසිංහ මහතා ඔවුනට සඳහන් කර තිබේ.

රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරුන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත මේ බව දැනුම් දී ඇති බවද නෙත් ගුවන් විදුලිය වාර්තා කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *