පොහොට්ටුවේ නායකත්වය රාජපක්ෂවරු අතටම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ නායකත්වය සඳහා දෙදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි ඇතැයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි.
එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වය සඳහා එසේ නම් යෝජනා වී ඇති බවද වාර්තාව කියා සිටී.
බැසිල් රාජපක්ෂ මහතා මීළඟ නායකයා ලෙස පත් කළ යුතුයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් යෝජනා කරද්දී නාමල් රාජපක්ෂ මහතාගේ නම පක්ෂයේ තරුණ සාමාජිකයින් විසින් නියෝජනය කර ඇති බවද සඳහන්ය.
මේ හේතුවෙන් මීළඟ නායකයා සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ තුළ යම් බෙදීමක් ඇති වී ඇති අතර මේ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ නැති බව ද වාර්තා තවදුරටත් කියා සිටියි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

