Latestදේශීය

විදුලිබල මණ්ඩලය විකුණන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඒ අනුව මැයි මස අවසන් වනවිට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවය.

එමෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමටත්, සංවර්ධන නියෝජිත ආයතන වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනයේ සහ JICA ආයතනයේ සහය එම ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට ලබා ගැනීමටත්, මුල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීමටත් සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පුර්ණ ක්‍රියාවලිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස අවසන් වනවිට සම්පුර්ණ කිරීමටත් අනුමැතිය ලබා දෙන බවද එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *