ලක්ෂ 50ට වෙච්ච දෙයක් නැහැ
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් අතුරුදන් වී මේ වනවිට දින 11ක් පමණ ගතව ඇතත් ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන අංශ වෙත මෙතෙක් කිසිදු හෝඩුවාවක් හමු වී නැතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකු විමර්ශන කටයුතු දැඩි කිරීමට අභ්‍යන්තර පාලනයක් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.
තවද පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සහාය අඛණ්ඩව මහ බැංකුව විසින් ලබාදෙමින් සිටින බවද මහ බැංකුව එම නිවේදනයෙන් පවසයි.
@Lanka Truth

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

