රුපියල් කෝටි ලක්ෂයකින් ආර්ථිකය බිඳවට්ටයි
මෙරට දල ජාතික නිෂ්පාදිතය 2021 වසරේදී රුපියල් කෝටි දහතුන් ලක්ෂ තුන්දහස් හත්සියයේ (රු. කෝටි 1,303,700) සිට පසුගිය 2022 වසර අවසන් වනවිට රුපියල් කෝටි දොලොස් ලක්ෂ එක්දහස් හත්සියය (රු. කෝටි 1,201,700) දක්වා බඳවට්ටා ඇති බව අලුත්ම මහ බැංකු වාර්තාවලින් අනාවරණය වේ.
මෙම බිඳවැටිම රුපියල් කෝටි එක්ලක්ෂ දෙදහසක් (රු. කෝටි 102,000) හෙවත් ට්‍රිලියන 1.02ක්ය.
මෙම බිඳවැට්ටීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ දෙදෙනාගේ සුසංයෝගයෙන් ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථිකය හැකිලීමේ උපායමාර්ගය නිසාය. ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මූල්‍යවාදී ප්‍රතිපත්ති එනම් උද්ධමණය පාලනය සහ පොලී අනුපාතික මෙන්ම විදේශ විනිමය අනුපාතික හැසිරවීම මගින් සමස්ත ආර්ථිකයට බලපෑම් කිරීමේ ක්‍රියාවලිය බවයි. නිෂ්පාදන කර්මාන්ත දිරිගැන්වීමට අදාල සානුබල කිසියක් ලබා නොදෙන බවයි.
මේ නිසා 2020 සිට කොවිඩි වුවදුරයෙන් අඩපන වූ ආර්ථිකයටත් වඩා බරපතල ආර්ථික බිඳවැටීමක් 2022දී සැලසුම්සහගතව සිදුර ඇති බවපැහැදිලි වී තිබේ. 2021ට වඩා 2022දි දල ජාතික නිෂ්පාදිතය -7.8%ක් වී ඇති බව මහ බැංකුවේ එම දත්තවලින් අනාවරණය වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

