සිරකරුවන් 988කට නිදහස
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් සිරකරුවන් 988 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා.
ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982ක් සහ ගැහැණු සිරකාරියන් 06ක්ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාරයක්ම ආවරණය වන පරිදි නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊට අමතරව පොහෝ දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්ද ලබා දී ඇති අතර ඒ අනුව අද (05) සහ හෙට (06) දින දෙක තුළ සිරකරුවන් සඳහා අමුත්තන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වේ.
රැඳවූවන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රසකැවිලි එක් අයෙකුට පමණක් ප්රමාණවත් වන අයුරින් ලබාදීමටද එම දින දෙක තුළ අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

