Latestදේශීය

නැගෙනහිර ආන්ඩුකාරවරියට ඉල්ලා අස්වෙන්න කියලා

තමන්ට ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දැනුම් දුන් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරයි.

මෙම දැනුම්දීම ඊයේ දිනයේ දුරකථන මාර්ගයෙන් සිදු කල බවද ඇය සඳහන් කළාය.

මේ අතර වාර්තා වන්නේ සබරගමුව උතුරු හා වයඹ පළාත් වලද ආණ්ඩුකාර ධුරයන්හි වෙනසක් සිදු වනු ඇති බවයි.

මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආපසු මෙරටට පැමිණි පසු මෙම පළාත් සඳහන් නව ආණ්ඩුකාරවරුන් පත් කරනු ඇති බවද වාර්තා වෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *