Latestදේශීය

ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවධානම

“ඩෙංගු” වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අනතුරු අඟවයි.

සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බවත් 2022 මැයි මාසය අවසන් වනවිට වාර්තා වූ 24,206ක රෝගී න් සංඛ්‍යාව අභිබවා යමින් මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098ක් වාර්තාවී ඇති බවත් එය අවදානම් තත්වයක් බවත්ය.

වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 6,953ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 6,500ක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මේ වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනන වර්ධනයක් පෙන්නුම්කරන අතර වසරේ මේ දක්වා කාලය තුළ එම දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 1,262කි.

ඒ අනුව සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ ඩෙංගු රෝගය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමේ‍ අවදානමක් පවතින බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම,

“ඩෙංගු රෝගීන් වැඩිවීමේ දැඩි අවදානමක් තිබෙනවා. 2017දී අපි දැක්කා විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 186,000ක්. ඒ වගේ අවස්ථාවකදී හැම රෝහලකම ඉඩකඩ නැති වුණා. දැන් තිබෙන තත්වයත් එක්ක එදා තත්වයට එයිදෝ කියන අවදානමක් පිළිබඳ සැකයක් අපිට තිබෙනවා. රෝගීන් වැඩි වුණොත් කළමනාකරණය කරගැනීම ප්‍රායෝගිකව අපහසු වෙනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?