Latestදේශීය

ණය ගෙවන්න ගත් සැනින් අර්බුදය යළිත් මතුවෙනවා

ආණ්ඩුව විදේශ සංචිත රැස් කර ඇතැයි පවසන්නේ ඉලක්කම් වලින් පමණක් බවත් මේ වන විටත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

සංචිත ශක්තිමත් වී ඇතැයි රජයේ කිව්වත් අද වන විට රටේ ආනයන සීමා කර ඇති බවත් වෙළෙඳපොළ හකුළා දමා ඇති බවත් පැවසූ ඔහු එවිට සංචිත වැයවන්නේ නැති බවද පැවසීය.

බොරු ඉලක්කම් ඉදිරිපත් කළ ද විදේශ ණය පියවීම ආරම්භ කළ සැනින් මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වන බවත් එවිට අර්බුදයේ යළිත් මතු වෙන බවත් හෙතෙම අවධාරණය කලේය.

ආණ්ඩුව කිසිදු මුදලක් වැඩිපුර ඉපැයීමේ මාර්ගයක් සොයා ගෙන නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *