Latestදේශීය

සැත්කම් වලින් පසු 10 දෙනෙකුගේ පෙනීම නැතිවෙයි

ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කල දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වෙලා නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක  පැවසිය.

රෝහල් අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ රෝහල් ආරංචි ආරංචිමාර්ග අරහා පැතිර යන තොරතුරක් සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි.

රෝහල් අධ්‍යක්ෂක වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය අප්‍රේල් මස පස් වැනි වෙනිදායින් පසු සිදුකරනු ලැබූ අක්ෂි ශල්‍යකර්මයන්ගෙන් පසු රෝගීන්ට ඇස් වලට දැමීම සඳහා ලබා දුන් බෙහෙතක්  විස වීමෙන් ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් ඇති බවයි.

එලෙස සිදුව ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ලද බෙහෙතක විසබීජ අඩංගුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

සායන සිදුකර නිවෙස් කරා ගිය රෝගීන් නැවත දින කිහිපයකදී ඇස් පෙනීම මුළුමනින්ම නැති වූ බව පවසමින් රෝහල් ගත කෙරුණු අතර ඉන්පසුව සිදුකල ප්‍රතිකාරයන්ගෙන් පසු ක්‍රමක්‍රමයෙන් රෝගීන් සුව අතට හැරෙමින් පවතින බවද හෙතෙම පැවසීය.

(රංජිත් රාජපක්ෂ)

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *