ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය වේ
මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ වේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300 ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම සිදුකරන බවයි.මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කරන්නේ ඉදිරියේදී ලක්ෂ 5 ක් පමණ ත්‍රීරෝද රථ ප්‍රමාණයක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරිමට බලාපොරොත්තු වන බවයි.
ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම මඟින් පරිසරයට කිසිදු හානියක් නොවන බවද ත්‍රීරෝද රථවලටද මෙමගින් විශාල ලාභයක් ඇති වන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

