සුධර්මා නෙත්තිකුමාර, දයා ගමගේ හා නව ප්‍රභූ පැලන්තිය
(නන්දන වීරරත්න)
මේ මොහොතේ කතා බහට ලක්වෙන මේ චරිත දෙක අපි තරමක් හොදින් දන්නව. දයා අම්පාර නගරයෙන් මතු වූ ව්‍යාපාරිකයෙක්. එයාගේ බිරිද වෛද්‍ය අනෝමා, කොමියුනිස්ට් පක්ෂයේ දේපොල පාලනය කරපු එච්. ජී.ඇස්. රත්නවීරගේ ලේලි [සහෝදරියකගේ දුව]. දයා අපට කියපු විදිහට පියාගේ මරණයෙන් පස්සේ ඔහු අම්පාර නගරයට ගාල්ලේ සිට බසයකින් ඇවිත් බහින කොට අතේ ශත 50 තිබුණේ. එතැන් සිට ඔහු ධනවතෙක්වීමේ ඉණිමඟ දිගේ නැග්ග. ඇඟලුම් කර්මාන්තයට හා ඉදිකිරීම් කර්මාන්තයටත් බැස්ස. ඒව කරන්න දේශපාලන හයිය ඕන. දයා දේශපාලනය ගියා. අවසාන වුණේ එජාපයේ ප්‍රධානම අරමුදල් සම්පාදකයා වීමෙන්. දයා එජාපයට සල්ලි දැම්මේ කසිනෝකාරයෙක් වගේ. 2010 ජනාධිපතිවරනයේදී ෆෝන්සේකා පරාදවෙන බව දැනදැනත් [ ජෙනරාල් සරත්] රාජකීය විද්‍යාලය ඉදිරියෙන් කාර්යාලයක් කුලියට ගන්න ලක්ෂ 120 දුන්න.
ඒව ආපසු පොලීවෙල ආවේ 2015 දී යහපාලනය ආවට පස්සේ. අපේ මතකයේ හැටියට 2015 දයා පරාද වුණාම අනෝමට ජාතික ලැයිස්තුවෙන් මංත්රීකමක් දූන්න. දැන් දයා ආණ්ඩුවේ බංකුවලට තියෙන බොල් ණය කපනව. දයා හෙලිකොප්ටරයක් ගත්ත අම්පාර කොළඹ ගමනට. අපට කියපු විදිහට ගුවන් යානයක් ගත්ත. ඒක ලංකාවට නොගෙන්වා ඇමරිකාවෙ තිබ්බ බදුවලින් බේරෙන්න. ලංකාවේ නව ප්‍රභූ පංතිය කියන්නේ බදු නොගෙවා, ඩියුටි ෆ්‍රී ක්‍රමයට මුදල් සොයන, ධනය ගොඩගහන කණ්ඩායමක්. මේ වැඩේට දේශපාලන හයිය ඕන. දේශපාලනය කරන්න ඕන. එහෙම නැතුව ධනය හා බලය උපයන්න අමාරුයි.
සුධර්මා ද සොයිසා නෙත්තිකුමාර එන්නේ කොළඹ මෝදර මුඩුක්කුවකින්. දරු 9 දෙනෙකුගේ පවුලක සාමාජිකාවක්. එයාට තිබුණු එකම ධනය රූප සම්පත්තිය විතරයි. සලාකා හිමිකරුවෙකු වූ ගාමිණි නෙත්තිකුමාරත් නව ප්‍රභූ පංතියේ කෙනෙක්. ඔහු දෙවැනි විවාහයට සුධර්මා තෝර ගන්නේ අහම්බෙන් පාරක දී දැකල ගෙදර හොයා ගෙන ගිහින් විවාහ යෝජනාවක් ඉදිරිපත් කරල. සුධර්ම කොළඹ නව ප්‍රභූ පංතියට ඇතුලත් වෙන්නේ ඒ විදිහටයි. එයාගේ යෙහෙළියෝ වෙන්නේ සශී රනසිංහ වීරවංශ හා ෂේරීන් සේනාරත්න කුමාරතුංග. මේ දෙදෙදෙනාත් ප්‍රභූ පංතියට එකතුවෙන් කොට පාරවල් වලින්. විමල් විරවංශ ඇමතියෙක් වීමෙන් සශී ප්‍රභූ වූණා. ෂෙරීන් සේනාරත්න කුමාරතුංග ගේ තාත්තා එම් සේනාරත්න වැල්ලවත්තේ රෙදි මොලේ හිටපු කම්කරුවෙක්. ජේ. ආර්. ජයවර්ධනට කළ උපකාරයක් නිසා ඔහුට රජයට යුධ ආයුධ සැපයීමේ කොන්ත්‍රාත්කරුවෙක් වීමේ වාසනාව උදා වුණා. ඊළඟට දේශපාලන නළුවෙක් සමඟ විවාහ වීමෙන් ප්‍රභූ භාවය තහවුරු කර ගත්ත.
ගෘහ සේවකයන්ට පහරදිම හා හිරිහැර කිරීම පැරණි නාගරික ප්‍රභූ පංතිය කළේ නෑ. ඔවුන් තරවටු කිරිම හා බැණ වැදිමෙන් සෑහීමකට පත් වුණා. මැද පංතිකයෝ තමයි මෙහෙකාරන්ට ගැහුවේ. ගිනි පෙණෙළිවලින් පිච්චුවේ. සුධර්මා, මෙහෙකහෙවන් මරා දැම්මවීම තරම් දුරට යන්නේ මෝදර උරුමයේ කොටසක් හැටියට. සුධර්මා දේශපලන හයිය ගන්න යන්නේ වීරවංශ පවුල හරහා. ඒ විමල් වීරවංශට රාජපක්ෂ පවුල එක්ක තිබුණු ගනුදෙනුවෙන්. රාජපක්ෂ පාලනයේ මාධ්‍ය ඔස්තාද් කෙනෙකු වු ලක්ෂ්මන් හුලුගල්ල ආරක්ෂක අමාත්‍යාංශයේත් ප්රවෘත්ති පාලකයා වීමෙන් පොලීසිය පාලනය කිරීමේ බලය සුධර්මට ලැබෙනව. ඒ වනවිට නෙත්තිකුමාර නෙරපා සලාකා බලය සුධර්මට අරගෙන. පොලිසියේ බලය ඕන වෙන්නේ සලාකා ඇතුලේ තිබූ කර්මාන්ත වලට. සලාකා නම මාරුවෙන්නෙත් මේ හුටපට අස්සේ.
මේ නව ප්‍රභු පංතිය ශීලාචාර වෙන්න පරම්පරා දෙකක්වත් යන්න ඕන. මොකද මුල් පරම්පරාවට අතීතයෙන් ගැලවෙන්න අමාරු නිසා. ඒ ලමා වියේ පුරුදු අත් හරින්න බැරි නිසා. කොළඹ සිංහල ව්‍යාපාරික ප්‍රභූ පැලන්තියේ ආරම්භය තියෙන්නේ 19 සියවසේ මැද භාගයේ පටන්. සිංහල බෞද්ධ ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තියේ ආරම්භය තියෙන්නේ පසුගිය සියවසේ මැද මුල් භාගයේ පටන්. සිංහල බෞද්ධ රාජ්‍ය තැනිම ආරම්භ වුණාට පස්සේ ඔවුන්ට දේශපාලන වරප්‍රසාද ලැබුණේ. මුල් යුගයේ තොග වෙළදාම මුළුමනින්ම පාලනය කලේ ඉන්දීය වෙළදුන්. රට පුරා සුළු වෙළදාම පාලනය කලේ ඉන්දීය සම්භවයක් සහිත මුස්ලිම්වරු. අපි හිතන්නේ 1915 සිංහල – මුස්ලිම් කෝලාහලය කියන්නේ මේ සිංහල බෞද්ධ ව්‍යාපාරික පැලන්තිය තරගයට පිවිසීමේ ආරම්භය සනිටුහන් කරන වෙඩිල්ල.
ප්‍රභූ පැලන්තියට එකතු වුණාට ප්‍රභූ භාවය හෝ ප්‍රභූ හැසිරීම නොලැබෙන බව දයා හා සුදර්මාගේ කතා වලින් තහවුරු වෙනව. සමහරවිට ඔවුන්ගේ දරු දරුවන් ප්‍රභූවරුන් වගේ හැසිරෙන්න ඉඩ තියෙනව. එතෙක් මේ නව ප්‍රභූ පැලන්තියට තමන්ගේ නොපනත් කම් වහ ගන්නේ දේශපාලන බලය හා පොලිස් බලය වුවමනා වේවි.