සාමාන්‍ය පෙළ විභාග උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
මැයි 29 වන දා ආරම්භ කිරීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට(2022 )අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම මේ යටතේ තහනම් වන බවයි .
ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද සම්පූර්ණයෙන් ම තහනම් වනු ඇති.
මෙම නියෝග කඩ කරන හෝ උල්ලංඝණය කරන කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයන් පිළිබඳව පැමිණිලි කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජූනි 8 වන දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිත ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

