Latest

වට්ස්ඇප්  නැවතත් වෙනස්වෙයි

නව යාවත්කාලීන කිරීමක් හරහා වට්ස්ඇප් මෘදුකාංගය තවත් පහසුකමක් පරිශීලකයින් වෙත ලබාදීමට තීර‍ණය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගම සඳහන් කරන්නේ පරිශීලකයෙකු විසින් වට්ස්ඇප් හරහා යවනු ලබන පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත සංස්කරණය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි.

පරිශීලකයින් විසින් සිදුකරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර නව පහසුකම ලබා දීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ දී වට්ස්ඇප් මෘදුකාංගය භාවිත කරනු ලබන පරිශීලකයින් වෙත එම පහසුකම ලැබෙනු ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *