Latestදේශීයවිදේශීය

ඇන්ටාක්ටිකාවෙන් මාරාන්තික සුනාමියක්

දේශගුණික විපර්යාසයන් හමුවේ ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම අධ්‍යයනයකින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

මෙම අධ්‍යයනයන්ට අදාළ විශේෂ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර තිබේ.

එම අධ්‍යයනය හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඇන්ටාක්ටිකාවේ දිය යට සිදුවන නායයාම් හේතුවෙන් පෘථිවියේ දකුණු පසින් වූ සාගරයේ යෝධ සුනාමියක් ඇතිවිය හැකි බවය.

එහි පරිමාණය පිළිබඳව නිසි සඳහනක් නොමැති වුවද එමගින් මීට වසර මිලියන ගණනකට පෙර එවැනි සුනාමි තත්ත්වයක් ඇතිවූ බවටද සාක්ෂි උපුටා දක්වා තිබේ.

ඒ අනුව වසර මිලියන ගණනකට පෙර දකුණු ඇමෙරිකාව, නවසීලන්තය සිට ගිණිකොණදිග ආසියාව දක්වා මෙම සුනාමි රළ ඇතිවී තිබෙන බවද එම වාර්තා සඳහන් කර ඇත.

අදාළ විශේෂඥයින් එමගින් වැඩිදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ සුනාමි අනතුරු ඇඟවීම් හඳුනාගැනීමේ තාක්ෂණය තවදුරටත් වර්ධනය කළ යුතු බවටය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *