ඌරන් අතර වෛරස් රෝගයක්
බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක ඌරන් අතර වෛරස් රෝගයක් පැතිරෙමින් පවතින බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ඌරන්ගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා මෙම වෛරස් රෝගය ටී ආර් ආර් එස් යන කෙටි නාමයෙන් හඳුන්වන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කරනවා.
මෙම වෛරසය ආසාදිත වීම හේතුවෙන් ඌරන් මිය යන බව ද ඇය පවසනවා.
හේමාලි කොතලාවල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම රෝගය සඳහා අවශ්‍ය එන්නත් කඩිනමින් ආනයනයට පියවර ගෙන ඇති බවයි.
මෙම රෝගය මිනිසුන්ට බෝවීමේ කිසිදු අවදානමක් නොමැති බවද ඇය අවධාරණය කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

