සංචිතය ඩොලර් බිලියන 3 ඉක්මවයි
මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 13.50%ක් දක්වා අඩුකර ඇත.
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පහත දමා ඇත්තේ 14.00%ක් දක්වාය.
මේ අතර මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මැයි මාසය අවසන් වනවිට මෙරට නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇති බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

