සිසු සැරියේ බරපැනත් දෙමාපියන්ට
සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බැවින් එහි වියදමෙන් 30%ක් දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඔහු මේ බව පැවසූවේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
කෙසේ වෙතත් දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා කිසිදු අයකිරීමකින් තොරව එම සේවාව ලබාදීමට තීරණය කර ඇති බවද ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

