Latestදේශීය

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු නිකුත් කරනවා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගෙවනු ලබන දීමනාව ඉහළ දැමීමට භාණ්ඩාගාරයට ඉල්ලීමක් කර තිබෙන බවද අනුමැතිය හිමිවූ පසුව ඒ සඳහා පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

උසස් පෙළ ඇගයීම් සඳහා සහභාගී වන ගුරුවරුන්ට ඇගයීම් ආරම්භක දිනෙන් දින පහකට පසු ගෙවනු ලබන රුපියල් පහළොස් දහසක අත්තිකාරම් දීමනාව නොගෙවීම හේතුවෙන් කුරුණෑගල රාජකීය විදුහල ඇතුළු මධ්‍යස්ථාන ගණනාවක ඇගයීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇතැයි ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ (30) අනාවරණය කළේය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?