Latestදේශීය

ඖෂධ මිල ගණන් අඩුවෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම මත ඖෂධ මිල ගණන් ලබන 15 වැනි දා සිට 16% කින් පහත දැමීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ගැසට් නිවේදන මගින් ඉහළ දැමූ ඖෂධ වර්ග 60 ක මිල ඒ අනුව පහත දමන බවයි.

අදාල පාර්ශව සමග පැවති සාකච්ඡා කිහිපයකින් පසුව මෙම තීර්ණය ගත් බව ද අමාත්‍යවරයා සිය ට්ටිටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

සෙසු ඖෂධවල මිල ගණනන් ද ක්‍රමයෙන් අඩුවනු ඇති බව අමාත්‍යවරයා පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *