Latestදේශීය

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව සාකච්ඡාවක්


ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව උනන්දුවක් දක්වන මාධ්‍ය ආයතන සහ සංවිධානවල නිර්දේශ ,අදහස් සහ යෝජනා පිළිබදව ජුනි මස 14, 15 ,16 තෙදින තුළ සාකච්ඡා කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාසරාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ අනුව මේ සඳහා සහභාගී වන පුද්ගලයන් ජුනි මස 12 වන දිනට පෙර ‍justicemedia07@gmail.com විද්‍යුත් ලිපිනයට හෝ. 0112470822 ෆැක්ස්අංකයට තමන්ගේ සහභාගීත්‍වය දැනුම් දෙන ලෙස එම අමාත්‍යංශය ඉල්ලීමක් කෙරේ.

දැනට ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 කරණ ත්‍රස්තවාදය වැළැත්වීමේ ( තාවකාලික විධි විධාන) පනතේ හිදැස් හදුනා ගනිමින් නව නීතියක්කෙටුම්පත් කිරීමට ලද කැබිනට් අනුමැතිය මත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පත් කළ විද්වත්කමිටුවක් මගින් ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කර ඇත.

එම පනත් කෙටුම්පත 2023 මාර්තු 17 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කර තිබේ.එසේම documents.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශනයන් යටතේ අදාළ පනත් කෙටුම්පත භාෂා ත්‍රිත්වයෙන් භාගත කර ගත හැක.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *