Latestදේශීය

ගුරු හිගය පියවන්න සූදානම් – අධ්‍යාපන ඇමැති

ගුරු හිඟය පිරවීමට ගුරුවරු 39,000ක්
පසුගිය දෙසැම්බර් මාසයේ වෙනත් වසරවල මෙන් දෙගුණයක් ගුරුවරු විශ්‍රාම යාම හේතුවෙන් විශාල ගුරු හිඟයක් ඇති වී ඇති බවත් එම ගුරු හිඟය පිරවීමට ගුරුවරු 39,000ක් බඳවා ගැනීමට රජය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

අද (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, විද්‍යා පීඨ ගුරුවරුන් 7500කට එළඹෙන 16 වැනිදා පත්වීම් ලබාදීමට නියමිත බවයි. දැනට රාජ්‍ය සේවයේ නියුතු අභ්‍යාසලාභී නිලධාරින් 26,000ක් ද විභාග පවත්වා ගුරු සේවයට එක්කර ගන්නා බව අමාත්‍යවරයා කීය.

ජාතික සහ පළාත් මට්ටමින් උපාධිධාරීන් විසිහයදාහක් බදවාගන්න අයදුම්පත් කැඳෙව්වා. ඒක දැන් අධිකරණය ඉදිරියේ තියෙන්නෙ. ඌන සේවා උපාධිධාරීන්ද මේ විභාගයට අයදුම් කරලා තියෙනවා. සෙනසුරාද විභාගය පවත්වන්න තිබුණා. බ්‍රහස්පතින්දා තහනම් කළා. අපි ඒ ගැන නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා . ගණිතය, විද්‍යාව ,තාක්ෂණවේදය භාෂා විෂයයන් සඳහා අවශ්‍ය ගුරුවරුන් හයදහස් බඳවා ගැනීමට අනුමැතිය සති දෙකක් ඇතුළත ලබාගන්නව. ජාතික පාසල්වලට පළාත් පාසල්වලට ඒ සඳහා අවසර දෙනවා.අධිකරණ කටයුතු අවසන් කර ගත්තොත් අපිට ගුරුවරුන් 26,000 බඳවා ගැනීම ඉක්මනින්ම කරන්න පුළුවන්” යැයි ද අමාත්‍යවරයා පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *