ඩයනාගේ පාර්ලිමේන්තු ධුරයට අදාළ තීන්දුව අද
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
මෙම මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකු බවට පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර තිබු අතර බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මන්ත්‍රීවරියට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීම සුදුසු නොවන බවටද කරුණු දක්වා තිබෙනවා.
මේ හේතුවෙන් ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඖෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණු මෙම පෙත්සම ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

