පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදේශ ගමන් තහනමක්
කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඔහුට එරෙහිව චෝදනා එල්ලවූයේ පසුගිය 02වනදා පස්වරුවේ වඩමාරච්චි පොදු ක්‍රීඩා පිටියේ තරුණ තරුණියන් සමග හමුවකට එක්ව සිටිය දී ඇති වූ උණුසුම් තත්වයක් මතයි.
යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙක් බුද්ධි අංශ නිලධාරීන් ලෙස පවසමින් එම අවස්ථාවට එක්ව තිබූ අතර ඒ සමග මන්ත්‍රීවරයාගේ පාර්ශ්වය සහ ඔවුන් අතර මෙම උණුසුම්කාරී තත්වයක් උද්ගත වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ
අනතුරුව අසල විභාග මධ්‍යස්ථානයකට අනුයුක්තව සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ද ඊට මැදිහත් වු බවයි සඳහන් වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

