මන්කිෆොක්ස් ආසාදිතයින් දෙදෙනෙක්
විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.
මව සහ දියණිය ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

