කුකුළු මස් මිල ඉහළ යාම පාලනයට පියවර
කුකුළු මස් මිල ඉහළ යාම පාලනය කිරීමට මෙන්ම දැනට පවතින බිත්තර හිඟය අවම කරීමට දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
එමෙන්ම කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට සහ කුකුළු මස් ආනයනය කිරීමට අදාළ සාකච්ඡා පවත්වා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත්සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (09) පෙරවරුවේ දේශීය කුකුළු කර්මාන්තයේ යෙදී සිටින නියෝජිතයින් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

