පසුගිය වර්ෂ 05 තුළ ගෙන්වූ වාහන පිළිබඳ වාර්තාවක්
පසුගිය වර්ෂ 05 තුළ රටේ ජනගහණයෙන් සෑම 05 දෙනෙකුගෙන්ම 01 අයෙක් විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අදාළ වාහන වලින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන වන බවත් මෙය රටේ ආනයන ,විනිමය වැයකිරීම් රටාව පිළිබඳව පෙන්නුම් කරන බවත් අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
තවද ඉදිරියේදී වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.
2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714කි. “
2015දී – වාහන 652,446ක්
2016දී – වාහන 466,986ක්
2017දී – වාහන 448,320ක්
2018දී – වාහන 496,282ක්
2019දී – වාහන 332,452ක්
2020දී – වාහන 102,228ක්
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

