Latestදේශීය

ලක්ෂ 75ක් ආහාර අනාරක්ෂිතභාවයට පත්වෙලා

මෙරට පුද්ගලයින්ගෙන් ලක්ෂ 75ක පමණ පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යායන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය එක්ව සිදුකළ නවතම අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවය.

ඇතැම් පළාත්වල සියයට 88ක පමණ පිරිසක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කළේය.

‍2019 වර්ෂයට සාපේක්ෂව මේ වනවිට මෙරට ආහාර සුරක්ෂිතතාව පහත වැටී ඇති බව ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරත් පැවසීය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *