බොරැල්ල පොලිස් වසමේ විශේෂ පොලිස් මෙහෙයුමක්
බොරැල්ල පොලිස් වසම ආවරණය වන පරිදි ඊයේ (11) අලුයම කාලයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමක දී සැකකරුවන් 35ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කළ බවයි.
එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් දෙදෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 15ක් සමග සැකකරුවන් සිව්දෙනෙක්, ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 35ක් සමග සැකකරුවන් පස්දෙනෙකු සහ ගංජා මිශ්‍ර මදනමෝදක 91ක් සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
ආයුධ සඟවාගෙන සිටි පුද්ගලයන් සහ විවෘත වරෙන්තුකරුවන් ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවද සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

