පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනපතිගේ හමුව වර්ජනය කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබෙනවා.
ඊයේ (12) පස්වරු 6ට පමණ ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාව ආරම්භවී තිබූ අතර පැයකට ආසන්න කාලයක් මැති ඇමතිවරුන් එහි රැඳී සිටි බව සඳහන්.
මේ අතර එම සාකච්ඡාවට දිස්ත්‍රික් නායකයින් සහභාගී නොකිරීමට පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් තීරණය කර තිබෙන්නේ පක්ෂ නායකයාගේ උපදෙස්වලින් තොරව ජනාධිපතිවරයා සමග ඍජු සාකච්ඡා සඳහා සහභාගී නොවීමට බවයි වාර්තා වන්නේ.
මීට පෙර පැවති සාකච්ඡාවලදී පක්ෂ නායකයා දැනුවත් නොකර දිස්ත්‍රික් නායකයින් කැඳවීම පිළිබඳව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකර ඇත.එහිදී පොදුජන පෙරමුණ දැනුම්දී ඇත්තේ එවැනි සාකච්ඡාවක් සඳහා කැඳවන්නේ නම් පක්ෂය දැනුවත් කර එය සිදුකළ යුතු බවයි.
ඔවුන් දේශපාලන පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගේ කටයුතුවලට සහාය ලබාදීමේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවද වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

