සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්
පසුගිය වසරට සාපේෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයිනගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව එම අධිකාරිය පැවසුවේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 556,395 දෙනෙකු පැමිණ ඇති බවය.
ඉන් වැඩි පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 105,159කි.
එමෙන්ම ඉන්දීය සංචාරකයින් 99,147දෙනෙකු පැමිණ ඇති අතර බ්‍රිතාන්‍ය සංචාරකයින් 45,108 දෙනෙකු පැමිණ තිබේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ පසුගිය වසරේ මැයි මාසය දක්වා මෙරටට සංචාරකයින් පැමිණ ඇත්තේ 378,521 දෙනෙකු බවය.
එමෙන්ම මේ මාසයේ ගතවූ දින 11ක කාලය තුල මෙරටට විදෙස් සංචාරකයින් 31,909 දෙනෙකු පැමිණ තිබේ.
ඉන් වැඩි පිරිසක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 9,784ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

