අමු තේ සොච්චම් මිලට ගෙන නිමි තේ ගිණි ගණනට විකිණීම
(බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන)
ඩොලර්යට සාපේක්ෂව රැපියලේ අගය ස්ථාවර විි අමු තේ දළු මිළ පහත බැස තිබුණද වෙලෙදපොළේ නිමිි තේ කොළ මිළ ඉහළ ගොස් ඇතැයි ජනතාව කියති.
ඉකුත් මාස වලට සාපේක්ෂව අමු තේ දළු කිලෝවක මිල රැපියල් 50-60 ක් අතර මිලකින් පහත බැස ඇතැයි බලන්ගොඩ ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියෝ පෙන්වා දෙති. ඉකුත් මාර්තු , අප්‍රේල් මාස වල අමු තේ දළු කිලෝවක මිල රැපියල් 200-210 ක් අතර මිලකට මිිලදිි ගත් බවත් මෙම මාසසේ අමු තේ දළු කිලෝවක මිල රැපියල් 140-150 ක් අතර මිලක් දක්වා පහත බැස ඇතැයි තේ වගාකරැවෝ කියති.
තමන්ගෙන් මිලදී ගන්නා අමු තේ දළු කිලෝවක් සදහා ලැබෙන මුදල මෙලෙස අඩු වුවද පානය කිරිම සදහා තමන් වෙලෙදපොලෙන් මිලදී ගන්නා නිමි තේ කොළ සදහා ගෙවිය යුතු මුදල ඉහළ ගොස් ඇති බවද ජනතාව පෙන්වා දෙති.
කෙසේ වෙතත් අමු තේ දළු කිලෝවක් නෙලිිම සදහා රැපියල් හතලිහක මුදලක් ගෙවිිමට සිදු වන බවත් තේ වගාවල අනිකුත් සිල්ලර වැඩ සදහා දෛනික කුලිය රැපියල් 1700-2000 ක් අතර මුදලක් ගෙවිමට සිදු වෙන බවද ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියෝ සදහන් කරති. අමු තේ දළු මිල සිිග්‍රයෙන් පහත බැස තිබුණද තේ් දළු නිෂ්පාදනය කිරිම සදහා වැයවන පිරිවැය අඩු විිමක් නොමැති බවද තේ වගාකරැවෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

