Latestදේශීය

දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු ලැයිස්තුවට ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, ස්වාධීන කොමිෂන් සභාවල කොමසාරිස්වරුන් තානාපතිවරුන් ඇතුළු තවත් පිරිසක් ඇතුළත් කිරීමට දූෂණ විරෝධී පනත් කෙටුම්පත මඟින් යෝජනා කර ඇතැයි, අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත , අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් හට සහය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මහ ඇමැතිවරුන්, පළාත් සභා ඇමැතිවරුන් මන්ත්‍රීවරුන්, තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක්ද වත්කම් බැරකම් ප්‍රකාශන ලබාදිය යුතු ලැයිස්තුවට දූෂණ විරෝධී පනත් කෙටුම්පත තුළින් ඇතුළත් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

පවතින ක්‍රමය යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබාදිය යුතු බවට සැළකෙන නිලධාරීන්ගෙන් විශාල පිරිසක් ආවරණය වී නොමැති බැවින් දූෂණ විරෝධි පනත් කෙටුම්පත යටතේ ජනාධිපතිවරයා,කොමිෂන් සභාවල කොමසාරිස්වරු මහකොමසාරිස්වරු, තානාපතිවරු මහ ඇමතිවරු, ආණ්ඩුකාරවරු, මෙන්ම විදේශ සේවයේ නිරත නිලධාරීන්, විධායක නිලධාරින් යන ඛාණ්ඩත් මේ සඳහා ඇතුළත් කර ඇති බව හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ;

අපි එක්සත් ජාතින්ගේ දූෂණ විරෝධී ප්‍රඥ්ඥප්තියේ කොටස් කරුවන් වුවත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපට වසර 19ක් ගත වෙලා තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය මීට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. විපක්ෂයත් සංශෝධන ගනනාවක් ඉදිරිපත් කර තිබෙනවා. පවතින අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවෙන් රටේ ජනතාව බලාපොරොත්තු වන අරමුණ ඉටු වන්නේ නැහැ. . ඒ් ගැන ජනතාව සැහීමකට පත් වෙන් නැහැ. ඒම නිසා තමයි මෙම දූෂණ විරෝධී පනත ඉදිරිපත් කරන්නේ”යැයි පැවසීය.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *