Latestදේශීය

විමල්ට තරයේ අවවාද

(නිමන්ති රණසිංහ)

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කර මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ වරෙන්තුව ආපසු කැඳවූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, ඔහුට තරයේ අවවාද කරමින් පෙර ඇප මත අද (21) මුදා හැරියේය.

 මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෝසමක් මගින් අධිකරණයට අද (21) බාර වූ අවස්ථාවේ දී අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

 මේ ආකාරයෙන් අධිකරණයේ පෙනී සිටීම පැහැර නොහරින ලෙසට අවසන් වතාවට තරයේ අවවාද කරන බව මෙහිදී අධිකරණය සැකකාර හිටපු අමාත්‍යවරයාට විවෘත අධිකරණයේ දී දැනුම් දුන්නේය.

 මෙම නඩුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පෙරේදා (19) දිනයේ දීය.

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ඉකුත් 2016 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණය කළ බවට කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *