ලොහාන් රත්වත්තේ ඉවත් කරයි
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට අනවසරයෙන් පැමිණි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉන් ඉවත් කර තිබේ.
කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා විසින් මෙම පියවර ගෙන ඇත.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින පොල් සංවර්ධන අධිකාරිය මෙම කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේ මෙම සිදුවීම වී තිබේ.
කාරක සභාව විසින් රජයේ ආයතන කැඳවන අවස්ථාවලදී එම ආයතන අයත් අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන් සහභාගි නොවෙයි.
මෙම රාජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වය අනුමත කළ නොහැකි බවත් එය ආචාර ධර්ම විරෝධී බවත් එම කමිටුවේ සාමාජික දයාසිරි ජයසේකර මහතා එහි දී පෙන්වා දී ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

