ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක්
ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා හට විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් ඊයේ (21) ඉදිරිපත් කරන ලදි.
එහිදී , දිගුකාලීන ද්‍රව ස්වභාවික වායු (LNG) විදුලි උත්පාදන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නා තුරු විදුලිබල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක ධාරිතාවක් ද්‍රව ස්වභාවික වායු (LNG) මගින් ජනනය ආරම්භ කරමින් විදුලිබල උත්පාදන කිරීම මගින් වියදම අවම කර ගැනීම සිදු කල හැකි බව මෙහිදී සාකච්ඡා විය.
මෙම සාකච්ඡාවට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා , ඉන්දියනු මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්, ඛණිජ තෙල් සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සහ පෙට්‍රෝනෙට් LNG සමාගමේ නිළධාරින් ද සහභාගි විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

