Latestදේශීය

ඊශ්‍රායෙල් රැකියා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පමණයි

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කිසිඳු බාහිර පාර්ශ්වයකට මුදල් ලබාදීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දැනුම් දී තිබේ.

එම කාර්යාංශය පැවසුවේ, දෙරට අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිවන බවයි.

එලෙස ඊශ්‍රායලයේ රැකියා හිමිවූ තවත් පිරිසක් ලබන 26 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරන්නේ පසුගිය වසරේ අප්‍රේල් 28 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලාංකික 389 දෙනෙකුට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *