Latestදේශීය

රනිල් සරණ යන දිනේෂ් බැංකුවලට මොකක්ද කරන්න යන්නේ?

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට බාධාකාරී වන්නේ නම් කොටස් වෙළඳපොල වසා දැමීමට සිදුවන බවටත් රටේ ආර්ථිකය රාජ්‍ය බැංකුවලට බාර ගන්නා ලෙසටත් රනිල් වික්‍රමසිංහ කර තිබෙන තර්ජනය මැද අගමැති හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දින 05ක දීර්ඝ බැංකු නිවාඩුවක් ලබාදීම සහ ලබන සතිය තුළ ආණ්ඩුව සිදුකිරීමට යන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ක්ෂේත්‍ර රැසක දැඩි ව්‍යාකූලත්වයක් මතුවී තිබේ.

හෙට (26) ආරම්භ වන සතිය තුළ පොහොට්ටු පක්ෂයේ ඇතුළු ආණ්ඩු හිතවාදී සියලු මැති ඇමතිවරුන් කොළඹ රැඳී සිටිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය දැනුම් දී තිබේ. ඒ අතර 29ට යෙදී තිබෙන හජ් නිවාඩුවත් සමඟ 30 වෙනි දින විශේෂ බැංකු නිවාඩුවක් ලෙස දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශයට පත් කරනු ලැබීය. ජූලි 03 වෙනි දින ඇසල පුර පසලොස්වක පෝය දිනයද යෙදී තිබීමෙන් දින 05ක බැංකු නිවාඩුවක් ලැබේ.

මෙම දීර්ඝ බැංකු නිවාඩුව උදාවීමට පෙර (28 වෙනිදා) ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් කැඳවා ඇති අතර ජූලි 01 සහ 02 යන සෙනසුරාදා ඉරිදා දිනයන් දෙකේදී පාර්ලිමේන්තුව විශේෂ සැසිවාර කැඳවීමට ද සැලසුම් කර තිබේ.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් මුලදී රටට හෙළි නොකළ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මුදල් අමාත්‍යංශයට විසින් ලබා දුන් වාර්තාවකට අනුව ජූනි මාසය අවසන් වන විට දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව සැලසුම් සකස් කර අවසන් කළ යුතුය. එහෙත් මේ දක්වා එවැනි සැලසුමක් සකස් කර ඇති බවට ජනතාවට හෙළිකර නැත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *