අස්වැසුම නිසා අපිට අස්වැසිල්ලක් නැහැ
රජය විසින් හඳුන්වා දී ඇති අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුවලට මැදිහත් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.
මෙම ගැටලුව තවත් දුරදිග ගියොත් ඉදිරි මැතිවරණ වලදී ද පක්ෂයේ අනාගතයට විශාල ප්‍රශ්න ඇතිවිය හැකි බවද හෙතෙම පෙන්වා දී ඇත.
මේ ගැටලු නිසා වැඩිපුරම පීඩාවට පත්වී ඇත්තේ මෙරට දුප්පත් ම අහිංසක ජනතාව බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් එම ජනතාව තම පක්ෂයේ ජයග්‍රහණවලදී නිරන්තරයෙන් පෙනී සිටි පිරිසක් නිසා ඔවුන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකළ යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය මත පක්‍ෂයේ ආසන බල මණ්ඩල රැස්වීම් පැවැත්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ද ගැටලුවක් පැන නැගෙනු ඇති බවද හෙතෙම පවසා ඇත.
මේ අතර මෙම ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රමවේදය සාධාරණව සිදු නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සඳහන් කර තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

