මැතිවරණ කොමසාරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට කැදවයි
පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව ලබන 14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට නොතීසි නිකුත් කර තිබේ.
ඒ එම පෙත්සම ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේග ලේකම් නිහාල් අබේසිංහ විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර නීතිපති, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

