Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාවට ලකුණු 21ක තියුණු ජයක්

මේ වසරේ පැවැත්වෙන ලෝක ක්‍රිකට් ශූරතාවය සඳහා අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ තරගය කදී ශ්‍රී ලංකා කණ්ඩායම තම අපරාජිත තත්වය තවදුරටත් රැක ගනීමට සමත්වුණා.

ඒ බුලවායෝ නගරයේ දී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 21 ක තියුණු ජයක් වාර්තා කරමින්.

ලකුණු 214ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායම එක් මොහොතක කඩුලු හතරකට ලකුණු 120ක් ලබාසිටිය නමුත් දඟපන්දු යවන මහීශ් තීක්ශන එකම ඕවරයක කඩුලු දෙකක් ලබාගැනීමත්සමග තරගය වෙත නැවතත් අවතීර්න වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්ව වටිනා ලකුණු 97ක් රැස්කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහභාගිවන මීලඟ තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග ලබන ඉරිදා බුලවායෝහිදී පැවැත්වෙනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *