නිර්වින්දන වෛද්‍යවරු 167ක් රට හැර ගිහින්
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකාවේ නිර්වින්දන වෛද්‍යවරුන් 167 දෙනකු මෙරට සේවය අතහැර එංගලන්තයේ සේවයට ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර විදේශීය පුහුණුව නිමවා මෙරටට පැමිණි ( පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා) විශේෂඥ වෛද්‍යවරුන් 323 දෙනකුගෙන් 160 දෙනකු විදේශ රටවල සේවයට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ( තෘතීක සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසිය.
මෙම වෛද්‍යවරුන්ගෙන් පිරිසක් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
වෛද්‍යවරුන් විදේශගත වීම වැලැක්වීමට නිසියාකාර නීති පද්ධතියක් මෙරට ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ නිලධාරීහු එවැනි නීති පද්ධතියක් කඩිනමින්ම සකස් කළ යුතු බවට රජයට යෝජනා කරති.
වෛද්‍යවරුන් විදේශගතවීම වැළැක්වීම සඳහා වීසා අවලංගු කිරීම වැනි ක්‍රියාමාර්ගවලට යා හැකි අතර ආචාර ධර්මකඩ කිරීම පදනම් කරගෙන වෛද්‍ය සභාවට ඔවුන්ගේ ලියාපදිංචිය පවා අහෝසි කළ හැකි බව පැවසේ. එහෙත් එවැනි වැඩපිළිවෙළක් මේ දක්වාම නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව අපට දැනගන්නට ඇත.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

