Latestදේශීය

කඳානේ ගින්නක් ­- එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද (08) උදෑසන හටගත් ගින්නක් හටගෙන තිබෙනවා.

කඳාන වීදි මාවත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇත.

ගින්න හටගත් අවස්ථාවේ දී එම ආයතනයේ ගණකාධිකාරිවරයා ගබඩාව තුළ සිට ඇති අතර ඔහු ගින්නට හසුව එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු අවුරුදු 50ක් වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

ගම්පහ සහ මීගමුව ගිනි නිවන ඒකක හා නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය ගිනි නිවීමේ හමුදාව එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *