Latestවිදේශීය

යුක්‍රේනයට රුසියාවෙන් ප්‍රහාරයක් -ළමුන් 12ක් ඇතුළු 43කට තුවාල

යුක්‍රේනයේ Kharkiv ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිල්ලක රථගාලකට මිසයිලයක් එල්ල වීමෙන් ළමුන් 12 දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිලි පමණක් ඇති බව යුක්‍රේන නීතිපති ජනරාල් Andriy Kostin පවසනවා.තුවාල ලැබූවන් අතර වයස අවුරුදු එකක සහ මාස 10ක දරුවෙකු සිටින බවයි වාර්තා වන්නේ.නේවාසික ගොඩනැගිලි ඉලක්ක කිරීම රුසියාවෙන් සිදු කළ තවත් යුද අපරාධයක් බව Andriy Kostin වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

රුසියාව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති නමුත් මොස්කව් මීට පෙර සිවිල් වැසියන් ඉලක්ක කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *